මෙම වසරේ ලෝහ අසිපත යුද අභ්‍යාසය වෙනුවෙන් නේටෝ රාජ්‍යයන් 11කට අයත් 4,000ක හමුදා බලඇණියක් රුසියානු දේශසීමාවේ වූ ලිතුවේනියාව වෙත පැමිණ තිබේ.
හදිසි ප්‍රහාරයකදී ලිතුවේනියාව තුළ ක්ෂණිකව විශාල හමුදාවක් ස්ථාපිත කිරීමේ හැකියාව උරගා බැලෙන යුද අභ්‍යාසයක් ලෙස තුන්වැනි වරට මෙම වසරේදී පැවැත්වෙන ලෝහ අසිපත අභ්‍යාසය සැලෙකයි.
ලෝක බල තුලනයේ වඩාත් තීරණාත්මක යුද ශක්තියක් බවට පත්ව සිටින රුසියාව වෙත නේටෝවේ බල පරාක්‍රමය පෙන්වීමේ යුද අභ්‍යාසයක් ලෙසද මෙය සැලකෙන අතර, මේ දිනවල රුසියාව සිරියාව තුළ සිදුකරන මෙහෙයුම හේතුවෙන් නෝටෝ රාජ්‍යයන් කෝපයට පත්ව සිටින වාතාවරණයක මෙම අභ්‍යාසය සිදුවීමත් විශේෂත්වයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පැරණි බෝල්ටික් රාජ්‍යයක් වන ලිතුවේනියාවේ ස්ථාන දෙකකදී දෙසැම්බර් 02 වැනිදා දක්වා මෙම යුද අභ්‍යාසය සිදුවීමට නියමිතය.
රුසියානු ජනාධිපතිවරයා මෑතකදී පවසා සිටියේ තම රාජ්‍යයට ලෝක බල තුලනයේ වෙනසක් කිරීමේ හෝ රටවල් ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, තම රාජ්‍ය වෙත එල්ලවෙන ඕනෑම ආකාරයක තර්ජනයකට මුහුණදීමට සූදානම් වීමක් පමණක් තම රට විසින් සිදුකරන බවද පූටින් අවධාරණය කර තිබුණි.