මුළු ලෝකයේම ඉන්න එකම පොල් සංවර්ධන ඇමති තමන් බව ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ සඳහන් කළේ, මොනරාගල පැවැති දේශපාලන රැස්වීමක් අමතමිනි.
"මුළු ලෝකයේම ඉන්න එකම පොල් සංවර්ධන ඇමතිත් මම. ටැන්සානියාව, කියුබාව, ඉන්දියාව වැනි රටවලිනුත් අපෙන් උපදෙස් ගන්න එනවා. ගමේ හිටපු ජගත් පුෂ්පකුමාර අද ලෝකයෙන්ම පොල් සංවර්ධන ඉතිහාසයේ වෙනසක් කරලා පිටරටවල අය අපෙන් උපදෙස් ගන්න මට්ටමට අපේ අමාත්‍යාංශය ගොඩනගලා තියෙනවා." යැයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.