පැයට සැතපුම් 300ක වේගයෙන් ගමන්ගන්නා මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු මෝටර් රථ නිෂ්පාදන සමගාමක් සැලසුම් සකස් කරමින් සිටියි.
ඇමෙරිකාවේ ටෙක්සාස්හි Hennessey මෝටර් රථ නිෂ්පාදන සමාගම ‘වෙනොම් F5’යන නමින් මෙම නවතම මෝටර් රථය නිපදවීමට නියමිතය.
මුල් අදියර යටතේ එවැනි මෝටර් රථ 24ක් නිර්මාණය කිරීමට සමාගම තීරණය කර ඇත. එක් මෝටර් රථයක් සඳහා පවුම් මිලියන 1.2ක මුදලක් ඔවුන් විසින් නියම කර තිබේ.
මේ වනවිට පවතින වේගත්ම මෝටර් රථය වන්නේ KoenigseggAgera RS මෝටර් රථයයි. එහි වේගය පැයට සැතපුම් 270කි.
වෙනොම් F5 මෝටර් රථයට බිංදුවේ සිට පැයට සැතපුම් 186ක වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්ත්පර 10 ක් පමණි.