පැරීසියේ පැවති ගෝලීය දේශගුණික සමුළුව ඓතිහාසික තීරණයකට එළැඹෙමින් පොසිල ඉන්ධන මත යැපුණු ලෝක ආර්ථිකය වෙනස් කිරීමේ නවමු මාවතකට එළැඹීමට තීරණය කර තිබේ.
දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක රාජ්‍ය නායකයන් එකතුව මෙසේ පොසිල ඉන්ධනවලින් තොර ලෝකයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණය පෘථිවිය ලැබූ ජයග්‍රහණයක් බව ඇමෙරිකාව නියෝජනය කරමින් මීට සහභාගි වූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසීය.
එහිදී, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, අපි වැඩපිළිවෙළක් සකස් කළා. දැන් ලෝකයටම එක්ව මෙම එකඟතාව වටා රොක් වෙමින්, අපේ පෘථිවියට අවශ්‍ය නවමු මාවත සකස් කිරීමට ශක්තිය සැපයීමට පුළුවන්. එය වඩා කාර්යක්ෂම මෙන්ම වගකිව යුතු මාවතක් විය යුතුයි. ඒ වගේම, තිරසාර මාවතක් විය යුතුයි.
මෙවර ගෝලීය දේශගුණික සමුළුව වෙත රටවල් 200ක් පමණ නියෝජනය කරමින් රාජ්‍ය නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මුන් ද ඒ අතර විය.