ලෝක බැංකුවෙන් මෙවර ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 700ක සහන ණයක් ලැබුණු බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ 2014 ලෝක බැංකු හා මූල්‍ය අරමුදලේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවය.
මෙවර සමුළුව ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැත්විණි.