දේශපාලනයේ වෙනසත් සමග ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා ලෝක බැංකුවේ සම්පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාව සමග සුහදව කටයුතු කරීමට තමන් සූදානම් බවත් ලෝක බැංකුවේ ශී‍්‍ර ලංකා හා මාලදිවයිනේ අධ්‍යක්ෂවරිය වන ෆ්රැන්ක්විස් ක්ලෝටස් මහත්මිය පැවසීය.
ෆ්රැන්ක්විස් ක්ලෝටස් මහත්මිය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර හමුවක් ඊයේ (16දා) පස්වරුවේ අමාත්‍යංශයේදී පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂවරිය මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක බැංකුව දක්වන සහයෝගය වෙනුවෙන් තමන්ගේ ගෞරවය පිරිණමන බවත්, අනාගත සංවර්ධනය සහ ආර්ථික වර්ධනය සදහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහ ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.