ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි නිවාරණ සම්මානය 2017 දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියට හිමිව තිබේ. එම සම්මානය දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියට පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී අද (23දා) පෙරවරුවේ දී සිදු කෙරිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල කළාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
මෙම සම්මානය ශ්‍රී ලංකාවේ සංවිධානයකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට මෙම සම්මානය හිමිවිය.