මෙක්සිකෝවේ පැවැති ලෝක ගුරු සම්මේලනයේ 18 වැනි සමුළුවේදී ඉදිරි වසර 04ක කාලයක් සඳහා නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේදී ශ්රී ලංකාවට සභාපති තනතුර හිමිව තිබේ.
ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරමින් සමුළුවට සහභාගි වූ එම සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාට මෙම තනතුර හිමිව ඇත.
රටවල 40කට වැඩි ප්රමාණයක ගුරු සංගම් මෙම සම්මේලනය නියෝජනය කරන අතර, සමුළුවක ප්රධාන තනතුරක් හිමි වූ පළමු අවස්ථාව මෙය බවද ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
පසුගිය 04 වැනිදා සහ 05 වැනිදා මෙම සමුළුව පැවැත්විණි.