2014 වසරේ ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතිය නම් කෙරී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ග්‍රාමීය ජනතාව සහ වරප්‍රසාද අඩු පිරිස් නගා සිටුවීම සඳහා “නැණසල“ තුළින් සිදු කෙරෙන මෙහෙය අගය කරනු වස් මෙම සම්මානය පිරිනැමුණු බව ඔවුන් පවසයි.
ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් “නැණසල“ ව්‍යාපෘතිය ප්‍රථම ස්ථානය දිනා ගෙන මේ වසරේ අදාල සම්මානයට හිමිකම් කියා තිබේ. ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් “අධ්‍යන ප්‍රවේශ” (“Access to Learning”) සම්මානය සහ ඇ.ඩො.දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතියට පිරිනමන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඊයේ (18දා) නිවේදනය කර තිබේ. මීට අමතරව තවත් ඇ.ඩො.දශ ලක්ෂයක් වටිනා මෘදුකාංග නොමිලයේ ශ්‍රී ලංකාවට පිරිනැමිමද සිදු කෙරෙන බව නියෝජිතායතනය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, ජනාධිපති උපදේශක හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා මෙවැනි සම්මානයක් ශ්‍රී ලංකාවට පිරිනැමිම වෙනුවෙන් බිල් ගේට්ස් පදනමට සිය කෘතඥතාවය පළ කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාව ලබන ජයග්රාහන ඇතැම් පිරිස් අන්තර්ජාතිකව අවතක්සේරු කිරීමට උපක්‍රම සොයන පසුබිමක මෙවැනි කිර්තීමත් අන්තර්ජාතික ඇගැයීමක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන මහාචාර්යවරයා තොරතුරු තාක්ෂණ විද්වතුන්ට හා සම්මාන උළේලේ විනිශ්ච මණ්ඩලය ලෙස ක්‍රියාකළ විද්වතුන්ට ශ්‍රී ලංකාවේ ස්තූතිය පුද කළේය.
සම්මාන උලෙළේදී “නැණසල” වැඩසටහන පිළිබඳ ප්‍රධාන දේශනය කල ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා ජනතාව තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට ICTA ආයතනය අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කළේය.