ශාන්තිකර සාගරයේ මුහුදු සම්පත් සංරක්ෂණය මහා පරිමාණයෙන් පුළුල් කිරීමේ වැඩපිළිවෙලකට ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අත්සන් කර තිබේ.
පරිසරවේදීන්ගේ මහත් වූ සොම්නසට හේතු වී ඇති මෙම ක්‍රියාමාර්ගයත් සමග ඇමෙරිකානු පාලනය යටතේ ඇති දූපත් 7ක් ඇතුළත් සාගර කලාපයක් ලෝකයේ විශාලතම සංරක්ෂිත සාගර කලාපය බවට පත් වනු ඇති බව කියැවෙයි.
මෙම නව රෙගුලාසි අනුව එම සංරක්ෂිත සාගර කලාපයේ මුහුදු පත්ලේ ඇති සම්පත් ලබාගැනීම, ගැඹුරු මුහුදේ කැනීම් සිදුකිරීම සහ වාණිජමය ධීවර කටයුතු සපුරා තහනම් වෙයි.
සැමෝවා සහ හවායි ඇමෙරිකානු දූපත් අතර මෙම දූපත් හත අවට සංරක්ෂිත සාගර කලාපය බිහිකර තිබේ.
පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි මෙම දූපත් අවට ජල තීරය කොරල්පර, මුහුදු පක්ෂීන්, මෝරුන්, තල්මසුන් සහ කැස්බෑවුන් මෙන්ම ලෝකයේ වෙනත් කිසිදු තැනකින් මෙතෙක් සොයා නොගැනුණු සමුද්‍ර ශාක වර්ගවලින් පොහොසත් සාගර කලාපයක් බව කියැවෙයි.
2009 වසරේදී ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ නාවික සැතපුම් 50ක කලාපය ඔබාමාගේ ක්‍රියාමාර්ගයත් සමග නාවික සැතපුම් 200ක වපරසරියකට පත්වන බවත්, එම සංරක්ෂිත සාගර කලාපයේ වර්ග සැතපුම් ප්‍රමාණය 500,000කට ආසන්න බවත් කියැවෙයි.