ලොව විශාලතම මිනිස් ධජය ලෙස නේපාල ජාතික දජය නිර්මාණය කරමින් නේපාලයේ කත්මණ්ඩු නුවරින් පිටත විශාල ක්රීඩාංගනයකට රැස්වූ නේපාල ජාතිකයන් 35,000ක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
මීට පෙර ලොව විශාලතම මිනිස් ධජය නිර්මාණය කිරීමේ ගෞරවය පාකිස්තානයට හිමිවූ අතර, එහිදී පුද්ගලයන් 28,957 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එරට ජාතික හොකී ක්රීඩාංගණයේදී එම වාර්තාව තැබීය.
කෙසේ වෙතත් පාකිස්තාන ලෝක වාර්තාවෙන් මාස 6ක් ගත වනවිට නේපාලයේ, තුදීඛෙල් ක්රීඩාංගණයේදී මෙම දැවැන්ත මිනිස් ධජය නිර්මාණය වෙමින් එම වාර්තාව බිඳ දැමීය.
නේපාල ජාතික ධජය ලෝකයේ සෙසු රටවල ජාතික දජයන් හා සැසඳීමේදී විශේෂත්වයක් ගන්නේ, සෘජුකෝණාස්ර හැඩයක් නොමැති ධජයක් හිමි එකම රට බවට නේපාලය පත් කරමිනි.
නේපාල බලධාරීන්ට අනුව ඔවුන්ගේ ධජයේ රතු වර්ණයෙන් යුද්ධයේදී ලැබූ ජය හෝ ධෛර්යය විදහා දැක්වන අතර, එය ඔවුන්ගේ ජාතික පුෂ්පය වන මහරත්මලේ වර්ණයද නිරූපණය කරයි. කෙසේ වෙතත්, ධජය වටා ඇති නිල් වර්ණයෙන් සාමය නිරූපණය කරයි.