ලෝකයේ ලොකුම ගුවන්යානා වශයෙන් සැලකෙන A- 380 ගුවන් යානයක් හදිසියේ අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්සවීය.
ගුවන් මගියෙකුට හෘද රෝගයක් ඇතිවීම හේතුවෙන් යානය හදිසියේ කටුනායකට ගොඩ බැස්සවීය.
මෙවැනි වර්ගයේ ගුවන් යානයක් කටුනායක ගොඩ බැස්සවූ තෙවැනි අවස්ථාව මෙන්ම දහවල් කාලයේදී ගොඩ බැස්සවූ පළමු අවස්ථාවද මෙය වෙයි.
රෝගියා මීගමුව ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.