ලෝකයේ පළමු වතාවට රොබෝ යන්ත්‍ර දෙකක් අතර සිදුවුණු විවාහ මංගල්‍ය උත්සවයක් ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවැත්වුණු බව වාර්තා වෙනවා. මෙම උත්සවයේදී ෆ්රොයිස් නම් මනමාල රොබෝව යුකිරින් නම් රොබෝ මනමාලිව සිය සහකාරිය ලෙස භාර ගත් බව සඳහන්. එහිදී ඔවුන් දෙදෙනා අතර හාද්දක් හුවමාරු වීමද කැපී පෙනෙන අවස්ථාවක් බවටද පත්ව තිබෙනවා. එසේම යුකිරින් ජපානයේ මනාලියන් විසින් අඳිනු ලබන සාම්ප්‍රදායික මංගල ඇඳුමකින් සැරසී සිටීමත් විශේෂත්වයක් ගත්තා. ඒ සඳහා ඇය වෙත ලේස් වලින් සැකසූ අලංකාර ගවුමක් සපයා දී තිබූ අතර සැටින් රෙද්දෙන් සැකසූ විශාල බෝ එකක්ද ඊට අයත්ව තිබුණා.
ජපානයේ ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීමේ යෙදී සිටන ‘මයිවා ඩෙන්කි’ සමාගම විසින් සංවිධානය කරන ලද මෙම විවාහ මංගලෝත්සවයේ ආරාධනා පත්‍රයද සුවිශේෂී ආකාරයෙන් නිර්මාණය කරන්නට ඔවුන් කටයුතු යොදා තිබුණා. එහිදී හදවතක් මැද ෆ්රොයිස්ගේ සහ යුකිරින්ගේ රූප පිහිටන ලෙස සකසා තිබූ මෙම ආරාධනා පත්‍රයද බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත් බව සඳහන්. එසේම තවත් කුඩා ප්‍රමාණයේ රොබෝ යන්ත්‍ර රැසක්ද මේ උත්සවය සඳහා සම්බන්ධ කර ගන්නට මයිවා ඩෙන්කි සමාගම කටයුතු යොදා තිබුණා. මෙ උත්සවය සඳහා පැමිණ සිටි ආරාධිතයන් සංඛ්‍යාවද 100 කට ආසන්න වූ බව සඳහන්.
එසේම උත්සව අවස්ථාව නිමාවට පත් කරවමින් මෙම දෙදෙනාම කේක් ගෙඩියක් කැපූ බවද ඡායාරූපවල සටහන්ව පවතිනවා. මේ අතරතුරදීම තවත් රොබෝ යන්ත්‍රයක් මගින් ස්වයංක්‍රීයව සංගීත වාදනයක් ඉදිරිපත් කරන්නටත් ක්‍රියා කළා. එසේම දෙවැනි මනමාලයා සහ දෙවැනි මනමාලිය ලෙසද තවත් රොබෝ යන්ත්‍ර දෙකක් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටීමද විශේෂත්වයක් ගත්තා.