කොළඹ ගාලු මුවදොර ඉදිවී ඇති ලොව උසින් වැඩිම නත්තල් ගස අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතය. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එය අද( 24දා) ප.ව 07.00 ට විවෘත කිරීමට සැලසුම් කර ඇත. මෙම යෝධ නත්තල් ගසේ උස මීටර් 114ක් වන අතර. ජී. අයි. යකඩ පයිප්පවලින් සැකිල්ල නිමාකර, කුකුළු දැල්වලින් ආවරණය කර ඇත. පයිනස් මල් එල්ලා, ඇති මෙම යෝධ නත්තල් ගස එල්ඊඩී විදුලි බුබුළු ලක්ෂ 5 කින් පමණ රාත්‍රියට අලංකාර කෙරෙන බව සංවිධායක කමිටුව පැවසීය.