දර්ගා නගරයේ ඥානිස්සර මහ විදුහල අසලදී අද (16) සවස ලොරි රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 55ක් වයසැති එම ප්රදේශයේම පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත. අලුත්ගම පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
තුසිත කුමාර ද සිල්වා