ටිකට් පතක මිල රුපියල් 20 ක් දක්වා පහළ දැමීම සඳහා වන ගැසට් නිවේදනය අද (18දා) නිකුත් කරන බවට මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ යැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.
ටිකට් පතක මිල රුපියල් 30 දක්වා ඉහළ දැමීමේදී ත්‍යාග මුදල් ප්‍රමාණයද සංශෝධනය වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි පතක මිල රුපියල් 20 ක් දක්වා අඩු කිරීමත් සමග ත්‍යාග මුදල් ක්රමයද අලුතින්ම වෙනස් කිරීමට සිදුව තිබෙන බවත් එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹේ මහතා සඳහන් කළේය.
එම කටයුතු අවසන් කර මේ මස 25 වැනිදා වනවිට නව ටිකට් පත් ලබාදිය හැකි බවට අද (18දා) බලධාරීන් සඳහන් කළ බවද ඔහු පවසා සිටියේය.
ටිකට් පතක මිල රුපියල් 30 ක් දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළ අතර, එයට විරෝධතා එල්ල වීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ටිකට්පතක මිල රුපියල් 20 ක් දක්වා නැවත පහත දමනු ලැබිණි.