අයවැයෙන් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවුවද එය පැරණි මිලටම එනම් රුපියල් 20ටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
කොළඹදි අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව අණාවරණය කළේය. ලොතරැයි මිල ඉහළ දැමීමත් සමග එහි අලෙවිය පහළ ගිය අතර අලෙවිකරුවන්ද ලොතරැයි පත් අලෙවියෙන් ඉවත්ව සිටිති.