කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වු ලොකු ලූනු බීජ කිලෝ ග්‍රෑම් හයසීයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද (17දා) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, නිතර නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව පවසයි. අත්අඩංගුවට ගනු ලැබූ ලොකු ලූනු බීජ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහ අටකි. කිලෝග්‍රෑම් එකේ පැකට් වශයෙන් බෑග් විසි එකක බහා මෙම ලොකු ලූනු බීජ මෙරටට ගෙනවිත් ඇත.