ආනයනික ලොකුලූනු මත වූ ආනයනික බදු කිලෝවකට රු.20/- කින් වැඩිකර තිබේ.
දේශීය ගොවීන්ට තම අස්වැන්න සඳහා හොඳ මිලක් ලැබෙන ආකාරයට ආනයනය සීමා කිරීම මෙහි අරමුණ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
සාමාන්‍යයෙන් දේශීයව වගාකරන ලොකු ලූනු සැප්තැම්බර් - ඔක්තෝබර් කාලවකවානුව තුළ වෙළෙඳ පොළට එන බැවින් මෙතෙක් ලොකු ලූනු කිලෝග්රෑමයකට රු.10/-ක්ව පැවැති ආනයනික ගාස්තුව අද (22දා) දින සිට රු.20/- කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් භාණ්ඩාගාර නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
2014 වසරේ ලොකුලූනු අස්වනු නෙළීම අවසන් වූ පසු මේ සඳහා පැවැති ගාස්තුව පසුගිය දෙසැම්බර් මාසයේදී කිලෝවකට රු.10/- දක්වා අඩුකරන ලදී.