සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජා ප්‍රේමදාස, වී.ඩී.දහනායක සහ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන මහත්වරුය.
ලේක්හවුස් ආයතනයේ පරිපාලන හා කළමනාකරණ දුර්වලතා හඳුනාගැනීම, මූල්‍ය තත්ත්වය පිළිබඳ විමර්ශනය සහ සේවක පරිපාලනය යන කරුණු සම්බන්ධයෙන් සොයාබැලීම මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතය.
අදාළ කමිටු වාර්තා මාස 03 ක් තුළ ජනාධිපතිවරයා වෙත බාරදිය යුතු අතර, කමිටු වාර්තාව සැකසීමේදී සේවක හා මහජන අදහස්ද විමසිය යුතුය.
ලේක්හවුස් ආයතනයේ ඉදිරි දියුණුව සහ එහි කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර තිබෙන අතර, ආයතනයේ සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි සියලු පුවත්පත් උසස් ප්‍රමිතියකින් පාඨකයන් වෙත ලබාදීම සහ ලේක්හවුස් ආයතනය අනෙකුත් පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන සමග තරගකළ හැකි අයුරින් ඉදිරියට ගෙන ඒම මෙහි අරමුණ බවද සඳහන් වේ.