එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේකහවුස්) මගින් මුද්‍රණය කරන සෙත්මිණ ජ්‍යෝතිෂය පුවත්පතේ විශේෂ කලාපයක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය වෙනුවෙන් මුද්‍රණය කර ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව සඳහන් කරමින් මුද්‍රණය කර බෙදාහැරීමට සූදානම් කර ඇති මෙම විශේෂ කලාපය සඳහා සම්පූර්ණ වියදම දරා ඇත්තේ ලේක්හවුස් ආයතනය විසින් බවත්, මේ වනවිට කලාප ලක්ෂ 20 ක් මුද්‍රණය කර ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.