ඡන්දය ගණන් කරන අවසන් අධියරේදී රට ලේ විලක් විමට තිබූ අවස්ථාව පොලිස්පතිවරයාගේ මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු තිරණ නිසා වැළකුණ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා කිය.
උතුරේ සිටින ආරක්ෂක හමුදා සාමාජිකයින් අතිරේක බළඇණි ලෙස යෙදවීමට ආරක්ෂක ලේඛම්වරයාගේ නියෝගය පරිදි යුධ හමුදාපතිවරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමක් ඉවත දමා තිබූ බවද හෙතෙම කීය.
අද (09දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය.