රට තුළ ඇඳිරි නීතිය බලපවත්වන අවස්ථාවන්හදී නීතිය කඩකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොමැති වීමෙන් රටේ නීතිය හෑල්ලුවීමකට ලක්වන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේ බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරැමය ප්‍රධාන කාර්යාලයේදී අද (07දා) පස්වරැවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේය.
ʻʻලේ වගුරේ බැහැගෙන ලේ වගුර කලත්තන දේශපාලන සූකරයෝ තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ බියවැද්දවීම් වලට හසුවෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලනවා. විමල් වීරවංශ මහතා ගැන මම කියන්නේ නෑ. තමන්ගේ උප්පත්තියේ ඉඳලා වංචා කළ කෙනෙකුට උත්තර දෙන්න මට අවශ්‍ය නෑ. බොල් වීරයෝ නිසා තමයි ප්‍රශ්න තවත් වැඩි වෙන්නේ.ʼʼ