පෞද්ගලික අංශයට වී තොග විකුණා දැමීමෙන් වී අලෙවි මණ්ඩලය මේ වන විට රුපියල් කෝටි 72ක ලාභයක් උපයාගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත මහතා සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් 16 වැනිදා සිට මේ වනවිට ගැනුම්කරුවන් 172කට වී මෙට්‍රික් ටොන් 80,000ක් නිකුත් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
පසුගිය වගා කන්නයේදී මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ අටදහසක් මිලදී ගෙන තිබූ බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මේ අනුව තවත් වී මෙට්‍රික් ටොන් 67,000ක් විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා මිල ගණන් කැඳවීම සිදුකරන බවත්හෙතෙම කියා සිටියේය.
මිල ගණන් කැඳවීම ප්‍රසිද්ධ නිවේදන මගින් සිදුකරන බවද සමන් පාලිත මහතා සඳහන් කළේය.