ගෞතම බුදුරජාණන් වහන්සේ උපත ලද නේපාලයේ ලුම්බිණි උයන ලෝක සාම නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නේපාලය සැලසුම් කරන බව පැවසෙයි.
දකුණුදිග නේපාලයේ පිහිටා ඇති පූජනීය ස්ථානය වටා වූ ප්‍රදේශය, සාමය සඳහා වූ ලෝක මධ්‍යස්ථානයක් හා බුදු දහම උගන්වන කේන්ද්‍රස්ථානයක් ලෙස පරිවර්තනය කිරීම මෙම සැලසුමේ මූලික අරමුණ බව බී.බී.සී.ය කියයි.
සංවර්ධනය සඳහා වූ යෝජනාව සිදුකළ කොරියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය ඒ සඳහා ඇ.ඩො.මිලියන 800ක මුදලක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බවද පෙන්වා දෙයි.
පූජනීය ස්ථානය අවට වූ ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වන අතර මීට පෙර ලුම්බිණිය ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ ලෙස පරිවර්තනය කිරීමට ගත් නොයෙක් උත්සාහයන් සඳහා එල්ල වූ විරෝධතා එල්ල වී තිබුණි.
ලුම්බිණි භුමිය තුළ ඇති මායා දේවී විහාරයේ සිදු කෙරුණු කැනීම්වලදී ලෝකයේ පැරණිතම බෞද්ධ නටඹුන් සොයා ගැනීමෙන් අනතුරුව මේ නව සංවර්ධන සැලසුම යෝජනා වී තිබේ.
නව පුරාවිද්‍යා සොයා ගැනීමත් සමග ගෞතම සිද්ධාර්ථයන්ගේ උපත සිදු වූ දින වකවානුව සම්බන්ධයෙන් පවතින මතභේද පහව යනු ඇති බවට විශේෂඥයෝ විශ්වාසය පළ කරති.