නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් චමින්ද වළාකුළුගේ මහතා පත්කළ බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. හිටපු නාවිකි හමුදාපති කපිතාන් අක්රම් අලවි මහතා අද (25දා) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ. ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩුවූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයට චමින්ද වළාකුළුගේ මහතා පත්කර තිබේ.