සිය බිරිඳ වෙඩි තැබීමේ සිදුවිමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයා භාවිත කළ බව කියන තවත් රිවෝල්වරයක් දියවන්නාව වැවේ තිබියදි සොයා ගැනීමට යුද හමුදාව හා නාවික හමුදාව සමත්විය.
අද (01දා) මෙ ගිනි අවිය සොයා ගත්තේය. මෙම ගිනි අවියේ හඳුනාගැනීමේ සියලු තොරතුරු මකා දමා ඇති බවද වාර්තා වෙයි. මිට පෙරද සැකකාර ලුතිනන් කර්නල්වරයා භාවිත කළ බව කියන ගිනි අවියක්ද සොයා ගත්තේය.