නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රියානි සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ විත්තිකරු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර අද (6දා) රාත්‍රී 7.00 ට පමණ තම පුත්‍රයා සමග නවගත්තේගම පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ සාක්ෂිකරුගේ මරණයට හා ගුරුවරිය දුෂණය කර මරා දමන බවට නිර්නාමිකව එවා ඇති ලිපිවලට කිසිම ආකාරයකින් තමන් සම්බන්ධතාවක් නොමැති බවත්, නැවතත් තමන්ව විනාශ කිරිමට දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්ය .
ආනන්ද සරත් කුමාර මහතා පොලිසියට පැමිණ ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ 4 වන සාක්ෂිකරු වන අබේරත්න හේරත් මුදියන්සේලාගේ පුණ්‍යසේන බණ්ඩාර මරණයට හා ප්‍රියානි සුසිලා හේරත් මහත්මියට නිර්නාමිකව එවා ඇතැයි කියන ඇගේ පවුලේ පිරිස මරා දමා ඇයව දුෂණය කර නිර්වස්ත්‍ර කර නවෝද්‍යා විද්‍යාලයේ මරා එල්ලා දමන බවට එවා ඇති ලිපි පිළිබඳව කිසිම ආකාරයකින් සම්බන්ධයක් නොමැති බවත් තමන් හා තම දේශපාලනය විනාශ කිරිමට යළිත් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි.
ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු මන්ත්‍රීවරයා රාත්‍රී 7.45 පමණ පොලීසියෙන් පිටව ගිය බවද පොලීසිය පවසයි.