වීදි සටන් සදහා හයිඩ්පාක්, ලිප්ටන් වට රවුම වැනි ස්ථාන තෝරා ගැනීමට වඩා මහජන නියෝජිතයන් සිය මතය දැක්වීමට පාර්ලිමේන්තු සභා ගර්භය තෝරා ගැනීම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිළිබද විශ්වාසය තහවුරු වීමක් බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
නව ආණ්ඩුක්රම ව්යවසථාවක් පිළිබඳව ඉදිරිපත්ව ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් උනන්ද වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම විවාදය සඳහා තවත් දිනයක් අයවැය විවාදය ආරම්භවීමට පෙරාතුව ලබාදීමටත් කතානායකවරයා තීරණය කර තිබේ.