ලැම්බෝගිනි රේසිං කාර් ඇතැයි ලැබුණු තොරතුරක් අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ කාල්ටන් නිවස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන පරීක්ෂා කර ඇත. එහෙත් පරික්ෂාවෙදී එවැනි වාහන නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.