"ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර ඝාතනය, රාගම ලොකුසීයා ඝාතනය, සුදු වෑන් සංස්කෘතියේ කතෘ ගොඨාභය රාජපක්ෂ. එතුමා දැනගෙනයි මේ ඝාතන සිදුවුණේ." යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කීවේය.
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙතෙම මෙම අදහස් දැක්වීය.
"වගකීමෙන් කියන්නේ. මාව මරලාදායි ඇත්ත ප්‍රකාශ කරලා ජීවිතේ නැතිවුණත් ප්‍රශ්නයක් නෑ." යනුවෙන්ද හෙතෙම කීවේය.