2011 වසරේදී යාපනයේදී පැහැර ගැනීමට ලක්ව අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන බව හා විධිමත් කරන බවට ජාතික සංවාද පිළිබඳ ඇමති මනෝ ගනේෂන් මහතා පෙරේදා (31දා) ලලිත් කුමාර් වීරරාජ්ගේ පියාණන් වන ආරුමුගම් වීරරාජ්ට මහතාට සහතික විය.
ලලිත් කුමාර් සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තු තබාගන්නා ලෙස වීරරාජ් මහතාට පැවසූ ඇමතිවරයා, ඔහුත් සමග අතුරුදන් වූ කූගන් මුරුගානන්දන්ටද සාධාරණය ඉටුවිය යුතු බව ප්රකාශ කළේය.
ලලිත් - කූගන් අතුරුදන් වී වසර හතරක් ගෙවී ගියද ලලිත්ගේ පියා තමන් සියැසින් දුටුවේ අද යැයිද පසුගිය කාලයේ අතුරුදන් වූ සිය දහස් ගණනක් අතරේ ලලිත් - කූගන් යනු විශේෂිතයන් වන බවද ඇමතිවරයා පැවසීය.
සිය පුතා අතුරුදන් වූයේ උතුරු පළාතේ අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවල නිරත වීම හේතුවෙන් බව හා ඒ පිළිබඳව තමන් සතුව පැහැදිලි සාක්ෂි ඇති බව පැවසූ මනෝ ගනේෂන් මහතා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ අතුරුදන්වීමට වගකිව යුතු බව තමන් විශ්වාස කරන්නේ යැයිද පැවසීය.
ඇමතිවරයා සමග කළ කතාබහේදී ලලිත්ට සහ ඔහුගේ සගයා වන කූගන්ට ජීවිත අනතුරක් සිදුනොවීය යන විශ්වාසය තමන්ට ඇති වූයේ යැයිද වීරරාජ් මහතා ප්රකාශ කළේය.