ලබා තිබෙන සාමය හා සංවර්ධනය අහිමි කිරීමට විරුද්ධ පක්ෂයේ අය වෙනසක් අවශ්‍ය යැයි පවසන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අද (30දා) පස්වරුවේ අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසල පැවැති පාසල් ළමුන්ට අභ්‍යාස පොත් හා ත්‍යාග ලබාදීමේ උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා ලබා දී තිබෙන වෙනස අහිමි කර, වෙනත් වෙනසක් පසුපස ගොස් ලබාගත් ජයග්‍රහණය අහිමිකර නොගන්නා ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
කොළඹ මහ නගර සභාවේ විපක්ෂනායක අජන්ත ලියනගේ මහතා විසින් පාසල් ළමුන් 4000කට පාසල් පොත් බෙදාදීමට මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු