පාළාත් පාලන ආයතන මැතිවරණයට අමතරව ලබන වසරේදී පළාත් සභා 03ක මැතිවරණ පැවැත්වීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශ්රප්රිය මහතා සඳහන් කළේය.
මේ නිසා ඊට අදාළ මුදල් වෙන්කරන ලෙස ඉල්ලීමක් කළ බවත්, පළාත් පාලන අයතන මැතිවරණ මේ වසරේදී පැවැත්වීමට සිදුවුවානම් ඒ සඳහා රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ගෙන තිබූ බවත් ඒ මහතා පැවසීය.
එහෙත් සීමා නිර්ණ කෝමිෂන් සභාවේ වාර්තාව එළිදක්වා මැතිවරණයට අදාළ සභික ප්රමාණය ගැසට් කිරීම තවමත් සිදුකර නොමැති බැවින් මේ වසර තුළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය නොහැකි බව දේශප්රිය මහතා පවසා සිටියේය.
මේ නිසා ලබන වසර තුළ නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව යන පළාත් සභා මැතිවරණයට අමතරව පළාත් පාලන ආයතන මැතිවරණයක් පැවැත්වෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.