මේ වසරේ පැවැති දරුණු නියඟය හේතුවෙන් ඉදිරියේදී ආහාර හිඟයක් ඇති විය හැකි බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. ඇමතිවරයා එසේ පැවසුවේ ඊයේ (25දා) වලපනේ ලියන්වලදී කුරහන් වගා ව්‍යාපෘතියක් ආරම්භ කරමිනි.
මෙම වසර දරුණු වසරක් බවත්, නියඟය නිසා කුඹුරු වගා කිරීම විශාල වශයෙන් අඩු වූ බවත් පැවසූ ඇමැතිවරයා මේ නිසා කුරහන් වැනි ධාන්‍ය වගා කිරීම ආහාර හිඟයට මෙන්ම ශරීර සෞඛ්‍යයට ඉතා යහපත් බවද සඳහන් කළේය.
වී වගා කිරීම අඩු වී ඇති නිසා ආහාර හිඟයට මුහුණපෑම සඳහා හාල් ආනයනය කිරීමට සිදුවිය හැකි බව පැවසූ දිසානායක මහතා මේ වසරේ විශාල වශයෙන් වී වගා කරන ඉන්දියාව, මියන්මාරය, ඉන්දුනීසියාවහා පාකිස්තානය වැනි රටවලටද පැවැති නියඟය බලපා ඇතැයිද කීවේය.