ලන්ඩන් ගිය ශ්‍රී ලංකන් යානයේ දෝෂය සුළුයි
ලන්ඩනය බලා පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ ඇතිවූ දෝෂය ඉදිරිපස වීදුරුවේ ඇතිවූ සුළු පළුදු වීමක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
පසුගිය ජනවාරි 01 දා ලන්ඩනය බලා පිටත් වූ UL 503 යානයේ ඉදිරිපස වීදුරුවේ ඇතිවූ සුළු පළුදු වීම 'Jet cockpit window smashed at 35,000ft' යන සිරස්තලය යටතේ ලන්ඩනයේ 'සන්' පුවත්පත විසින් පළකර තිබූ වාර්තාව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාව නොමග යවන සුළු වූවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවධාරණය කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ එදින ප.ව.14.35 ට කොළඹින් පිටත් වූ UL 503 යානය, ගුවන්ගතකර මිනිත්තු 45ක් ගතවන විට යානයේ ඉදිරිපස වීදුරුවේ (windshield) යම් පළුදු වීමක් සිදුවුණු බවට ගුවන් යානයේ කාර්යමණ්ඩලය හඳුනාගෙන ඇති බවය. එම තාක්ෂණික දෝෂය හේතුවෙන් යානය නැවත ආරක්ෂාකාරී ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට ගුවන් නියමුවන් කටයුතු කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙහි වැඩිදුර විස්තර සඳහා ව්‍යාපාරික පිටුවට පිවිසෙන්න.....
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

