(UPDATE) හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් හේතුවෙන් මගීන් ඉවත් කරමින් වසා දැමුණු ලන්ඩන් උමං දුම්රිය පොළ සෝදිසි මෙහෙයුමකින් පසුව යළි විවෘත කර තිබේ.
බේකර් වීදියේ උමං දුම්රිය පොළේ සිටි සිය ගණනක් මගීන් ඉවත් කිරීමෙන් පසුව, එම නැවතුමෙහි දුම්රිය නොනවත්වා ගමන් කර ඇති බවත්, ඇතැම් දුම්රිය ගමන් වාර සම්පූර්ණයෙන්ම අත්හිටවූ බවත් එරටින් වාර්තා විය.
එරට ප්‍රවාහන බලධාරීන් වෙත සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් හේතුවෙන් ලන්ඩනයේ ප්‍රකට මැඩම් ටුසෙඩ්ස් කෞතුකාගාරය ආසන්නයේ පිහිටි මෙම උමං දුම්රිය පොළ වසා දමා තිබුණි.
එහිදී, බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලීසිය මුලින් පවසා සිටියේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස දුම්රිය පොළේ සිටි පිරිස් ඉවත්කළ බවය. මේ අතර, සවස කාර්ය බහුල අවස්ථාවක මෙය සිදුවීමෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි බවද රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ දුම්රිය පොළේ තිබූ සැකකටයුතු පාර්සලය පරීක්ෂා කළත්, එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ සැකටයුතු යමක් සොයාගෙන නැති අතර, මේ තත්ත්වය තුළ දුම්රිය ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
යුරෝපය වෙත ඉදිරියේදී ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අනතුරු ඇඟවීමක් කර තිබූ අතර, එහිදී, ලන්ඩනයද ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්වීම තුළ එරට තුළ ආරක්ෂාව දැඩි කර තිබේ.