ලන්ච් ෂීට් හා ආහාර අසුරන රිජිෆෝම් පෙට්ටි තහනම් කිරීමට සැලසුම්
ආහාර අසුරන රිජිෆෝම් පෙට්ටි හා ලන්ච් ෂීට් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති පරිසර සංරක්ෂණ වැඩසටහන සඳහන් කරයි.
පරිසර අමාත්‍යවරයාව සිටින අවධියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් භාවිත කළ නොහැකි බවට පනතක් ගෙන ආ බවද එම ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය උපාලි ඉන්දුසිරි මහතා සඳහන් කළේය.
මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් භාවිතය තහනම් කිරීමත් සමග පොලිතීන්වල මයික්‍රෝන අගය 20 ට වඩා වැඩි කිරීම සඳහා කැල්සියම් කාබනේට් වැනි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ බවත්, මේ වනවිට එය වෙනත් ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා ලන්ච් ෂීට් හා රිජිෆෝම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කළ විශේෂ කමිටුවක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව සීනි පැකට් කිරීම සඳහා යොදාගන්නා පොලිතීන් පවා රටට දැඩි හානියක් කරන බවත්, මේ නිසා පොලිතීන් ප්‍රතිචක්‍රිකරණය කිරීමට ක්‍රමෙව්ද සකස් කරමින් සිටින බවත් ව්‍යාපෘති අධ්යක්ෂවරයා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

