විදේශ රැකියා හා රථ වාහන ලබාදෙන බව පවසමින් දිවයින පුරා ජනතාවගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙකු ජා-ඇල පොලිසිය විසින් ජා-ඇල - ඒකල නිවාසිපුරදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අදාළ මුදල් වංචාවට හසුවූ පිරිස් අද උදෑසන 6.00 සිට ඔහුගේ නිවස වටලා එම ස්ථානයේ රැදී සිටියේ සැකකරු අදාළ නිවසේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි.
ජා- ඇල පොලිසිය මෙම නිවසට පැමිණ පරීක්ෂා කිරිමේදී නිවසේ අදාළ ජාවාරම්කරු සිටි අතර එහිදී ඔහු අත් අඩංගුවට ගත් බව වැඩි දුරටත් වාර්තා වේ.