නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂකාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් කේරළ කංසා කිලෝග්රෑම් 394.41ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව තෙල්වත්ත හන්දියේදී සිදු කළ මෙම විශේෂ වැටලීමට අනුව වෑන් රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී එහි තිබී කේරළ කංසා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කේරළ කංසා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයසියයක් බවද පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය සඳහන් කරයි.
ඉදිරි නීතිමය කටයුතු සඳහා කංසා තොගය, වෑන් රථයේ රියදුරු සහ වෑන් රථය මීගමුව පොලීසියට බාර දී තිබේ.
ඉන්දියාවේ සිට යාත්රාවකින් මෙරට මුහුදු සීමාවට රැගෙන විත් මෙරට ජාවාරම්කරුවන්ට කේරළ කංසා තොගය බාර දී තිබෙන බවට පොලීසිය සැක පහළ කරන අතර,මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.