නව සමෘද්ධිලාභීන් ලක්ෂ දෙක දක්වා වැඩි කරමින් දිළිඳුකම පිටුදැකීම තම අරමුණ බව සමාජ සවිබලගැන්වීම් පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ දී අද (15දා) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති 22 ක නිලධාරින් හමුවේ අමාත්‍යවරයා මේ බැව් පැවසීය.
සමෘද්ධි නිලධාරින් අතර පවතින වැටුප් විෂමතාවට, සේවා ස්ථිරභාවයට තමා කඩිනමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සමෘද්ධි වෘත්තීය සමිති නායකයන් හට පොරොන්දු විය.
ගමේ තිබෙන සමෘද්ධි බැංකුව නව මුහුණුවරකින් සේම නව තාක්ෂණයෙන් වැඩි දියුණු වු ගුණාත්මක බැංකුවක් ලෙස සංවර්ධනය කරන බවත්, සමෘද්ධිලාභීයාට සේම සමෘද්ධි නිලධාරියාට ද බැංකුව මඟින් ණය පහසුකම් ලබාදීමේ සේවාව අරඔන බවත් එහිදි අමාත්‍යවරයා අවධාරණය කළේය.