රුපියල් ලක්ෂ 290ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් නීති විරෝධී අයුරින් දෝහා බලා රැගෙන යාමට උත්සාහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක රේගුවේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඔහු ඊයේ රාත්රියේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා බලා යෑමට පැමිණි විට මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු සන්තකයේ තිබී යූරෝ 277000ක් සොයාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවේ තබාගෙන රේගුව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.