රුපියල් 2,899,500 ව්‍යාජ මුදල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්ව තිබේ. හොරණ පොලීසියට ලැබුණ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම අද (12දා) සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 23ක තරුණයෙකු බවත් ඔහු වැලිගම්පිටිය, පොකුණුවිට පදිංචි කරුවෙකු බවත් පොලීසිය පවසයි. රුපියල් 5000 නෝට්ටු 106ක්, 1000 නෝට්ටු 1830ක් හා 500 නෝට්ටු 1079ක් මෙසේ පොලීසිය සොයාගෙන තිබේ.