මිලියන 24.4ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 2.039ක් සමග මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණ තොරතුරක් අනුව ඊයේ (22දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම අවස්ථාවට අමතරව සැකකරු 2016 වසරේ පටන් අවස්ථා 15කදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.