නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 115ක් පමණ වටිනා මැණික් තොගයක් ශ්රී ලංකාවට රැගෙන ආ ප්රංශ ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන් තොටුපොළ පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබේ.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් අද පෙරවරුවේදී සැකකරු දිවයිනට පැමිණ ඇත. මෙම මැණික් තොගයේ පුෂ්පරාග හා නිල් මැණික් වූ බව කටුනායක පොලීසිය පවසයි.
එසේම ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදේශීය මත්පැන් හා සිගරට් තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.