පුත්තලම, ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ අවසන් අදියර, එළැඹෙන සැප්තැම්බර් 16 දින විවෘත කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියයි. එළැඹෙන 16 දින දිවයිනට පැමිණෙන චින ජනරජයේ ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වයෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් බලාගාරයේ අවසන් අදියර විවෘත කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පළමු ගල්අඟුරු විදුලි බලාගාරය වන ලක්විජය බලාගාරයේ තෙවැනි අදිරය විවෘතවීම මගින් මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ.