විදුලිබල මණ්ඩලය විසින් විධිමත් භාවයකින් සාදන ලද විදුලි ජනන සැලස්ම හැකි ඉක්මනින් අනුමත කොට ක්රියාවට නංවන්නේ නැතිනම් ඉදිරියේදී වැඩර්ජනයකට යොමු වන බව ලංවිම පාලන මැදිරි ක්රියාකරුවන්ගේ සංගමයේ සභාපති එස්.ඩී.නිශාන්ත මහතා පවසයි.
“විදුලිබල මණ්ඩලය වසින් හදපු විධිමත් ජනන සැලස්ම ක්රියාත්මක කිරීමට බලධාරීන් කල්මරමින් ඉන්නවා. මේ විදුලි ජනන සැලසුම් පද්ධතිය හදාගෙන ආවේ ඉංජිනේරු මහත්වරු ඒ පද්ධතිය ගැන දන්න අයතමයි කියන්නේ මේ දේ වෙන්න ඕන කියලා. ඒක වෙන්නෙ නැති නිසා තමයි ඒ අය අකුරට වැඩ කරන්න තීරණය කරල තියෙන්නේ.
ඒ තීරණය සාධාරණයි කියල අපිත් හිතනවා. ඒවගේ බලධාරීන් ඒ අය කියන දේ අහන්නැතුව කල්මරණවනම් ඉංජිනේරු මහත්වරු තවත් දැඩි ක්රියාමාර්ග ගනියි. එහෙම වුණොත් පැය 24 පුරාම සේවයේ නිරත වෙන අපිත් අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා.”