2013- 2014 වසරවලදී ලංකා ගමනාගමන මණ්ඩලයට බස්රථ ගෙන්වීමේදී රු. කෝටි 286 ක මුදලක් වංචා කෙර ඇති බවත්, බස්රථ 1500 ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදුන්නද බස්රථ 2200ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (01දා) අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පැවසීය.
ලංකා ගමනාගමන මණ්ඩලයට බදු සහිතව එක් බස්රථයක් ගෙන්වීමට ඇමෙරිකානු ඩොලර් 40,000 ක පිරිවැයක් ඇස්තමේන්තු කර තිබුණද, පසුව ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලට බස්රථ ගෙන්වා ධාවනයට එක්කර ඇතැයි රාමනායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී ප්‍රවාහන නියෝජය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, මෙම ගෙන්වන ලද බස්රථවලට දිනකට රු.3000 ක ලීසිං මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් වියදම් කරන බවයි.
ඡායාරූප ඉසුරු පෙරේරා