ශ්‍රී ලංගමය තුළින් නිසි ලෙස ජනතා සේවයක් නොවනවා සේම රටේ මුදල් විනාශ කරන හෙයින් ලංගමයට ලබාදෙන පහසුකම් පෞද්ගලික බස් රථවලට ලබාදිය යුතු බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
ලංගමයට මාසිකව ලබාදෙන රුපියල් කෝටි 135 ක ජනතා මුදල් පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කළහොත් ලංගමය ලබාදෙන සහන සේවාවට වඩා වැඩි සේවාවක් ලබාදෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.
දැනටමත් පාසල් දරු දැරියන්ට සහන මිලට පාසල් යෑමට සිසු සැරිය යටතේ බස් රථ 1300 ක් යොදවා තිබෙන බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
ලංගමයට ලබාදෙන මහජන මුදල් පෞද්ගලික අංශයට ලබාදී ලංගමය වසාදැමිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.