වවුනියාවේ පැරණි බස් නැවතුම්පොළින් ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඉවත් කරගෙන නව බස් නැවතුම්පොළට නොගියැයි පවසමින් වවුනියාවේ පෞද්ගලික බස් රථ සේවකයෝ අද (17දා) ඒ නවය මාර්ගය වවුනියාව නගරයෙන් හරස් කර විරෝධතාවක නිරත වූහ.
මේ හේතුවෙන් පැය කිහිපයක් යන තුරුම වාහන එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා ඇති විය. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වවුනියාව පොලීසිය පවසා සිටියේය.
වවුනියාවේ මධූෂංඛ අමරසිංහ